.webp)
ශුද්ධෝත්තම පියතුමන් මේ බව ප්‍රකාශ කළේ, වතිකානයේ පිහිටි ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දිව්‍ය පූජාවට එක්වෙමිනි.
සියලු බලාපොරොත්තු සිඳී ගොස් ඇති බව දැනෙන විට පවා, පරාජයේ හැගීම්වලට යටත් නොවී දෙවියන් වහන්සේගේ උපකාරයෙන් නැවත නැගී සිටීමට උත්සහ කළ යුතු බව, ශුද්ධෝත්තම පියතුමන් පෙන්වා දෙයි.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන රුසියානු යුක්රේන යුද්ධය නතර කරන්නැයි, පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ශුද්ධෝත්තම පියතුමන් ඉල්ලා සිටිය හ.
ශුද්ධෝත්තම පියතුමන්, ශුද්ධ වූ සතියේ සැමරුම් නිමා කරමින් ශාන්ත පීතර දේවස්ථානයේදී ලෝකවාසීන්ට ආශිර්වාද කරමින් අද (09) විශේෂ පණිවුඩයක් ද ලබා දීමට නියමිත වේ.