බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක්

බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් - සෞඛ්‍ය අංශ කියයි

by Staff writer 23-02-2023 | 6:43 AM

COLOMBO (News 1st) - බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරි ගුණරත්න මහත්මිය සඳහන් කළේ, පාද ඉදිමුණු රෝගීන් වසරකට 600 ත් 700 ත් අතර වාර්තා වන බවයි.

වයඹ, බස්නාහිර හා දකුණු පළාතේ දිස්ත්‍රික්ක 8 කින් රෝගීන් වාර්තාවන බව ඇය සඳහන් කළා ය.