අමාත්‍යවරයා සඳහන් කළේ, මාර්තු 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතන 340 ක මහජන නියෝජිතයින්ගේ නිල කාලය අවසන් වීමට නියමිතිව ඇති බවයි.
එහෙත්, අදාළ ආයතනවල මහජන අවශතා පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍යංශයේ නීති අංශයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ ය.
මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශයේ එකඟතාවක් නැතැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ ය.