මහනුවර ශ්‍රී දළදා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් සේපාල අමරසිංහ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනි දා යු ටියුබ් නාලිකාවක් මගින් කරන ලද එම නඩුවට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඇය ද සිටිමට උන් වහන්සේලාට ලිඛිතව දැනුම් දී ඇති බව පෙන්වා දුන්නේ ය.
ඔහු අධිකරණයට පැවසුවේ, ඒ පිළිබඳව නීතිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම්දී ඇති බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේගෙන් හා සමස්ත බෞද්ධ ජනතාවගෙනුත් සමාව අයැ ද සිටින බවයි.
මින් මතු ආගමික හෝ ජනවාර්ගික කොටස්හි හැගිම්වලට බලපාන සංවේදි කාරනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකරන බවට සැකකරු එකගවන්නේ නම් එකී කොන්දේසිවලට යටත්ව ඔහු සම්බන්ධයෙන් සානුකම්පිතව කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් බව දිලීප පීරිස් මහතා අධිකරනයට පෙන්වා දුන්නේ ය.