භූ කම්පනවලින් විපතට පත් වූ තුර්කි වැසියන් අවධාරණය කළේ, ඇතැම් ප්‍රදේශවල සුන්බුන් අතර සිරවූවන් මෙතෙක් මුදා ගෙන නොමැති බවයි.
කඩා වැටුණු ඇතැම් ගොඩනැගිලිවල සුන්බුන් අතරින් උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇහෙන බව තුර්කි වැසියන් පවසති.
නමුත් එම සිරවී සිටින පිරිස් මුදා ගැනීමට ප්‍රමාණවත් ගලවා කණ්ඩායම් සහ උපකරණ නොමැති බවට තුර්කි වැසියන් චෝදනා කළහ.
භූ කම්පන හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද මේ වනවිට 12,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.