පසුගිය මස 20 වැනිදා මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ, ඉදිරි පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගය යටතේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහායි.
ඒ අනුව මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම පසුගිය මස 25 වැනිදා ගැසට් මගින් ප්රකාශයට පත් කෙරිණ.