ඒ, 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීවයි.
මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ , පුනරුත්ථාපනය වන සිරකරුවන්ට ද ජනාධිපති සමාව ලබා දීමට තීරණය කර තිබේ.
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් ලබන රැඳවියන් සංඛ්‍යාව පසුව දැනුම් දෙන බව ය.
ජනාධිපති සමාව හිමි වූ බන්ධනාගාර තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි රැඳවියන් 31දෙනා හෙට (04) බන්ධනාගාරයෙන් පිටත්ව යන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.