ඔහු කියා සිටියේ, පළවන මේ අසත්‍ය තොරතුරුවලට පිළිතුරුදීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බවයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ය.
ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.
ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.
කෙසේවෙතත් එක් සාමාජිකයෙකුගේ ඉවත්වීම කොමිසම රැස්වීමට අවශ්‍ය ඝන පූර්ණයට බාධාවක් නොවන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය.