ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ 100 වැනි සංවත්සරය උත්සවයට අද (19 ) පෙරවරුවේ එක් වෙමිනි.
1924 දී පිහිටුවනු ලැබූ ජමියතුල් උලමා විද්වතුන්ගේ සභාව මේ වන විට ලාංකීය ඉස්ලාම් ආගමික විද්වතුන් 7,750කට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත ය.
ඉස්ලාමීය අගයන් සහ ඉගැන්වීම් අනුව ජීවත්වන ජන සමාජයේ සහ රටෙහි සංවර්ධනයට දායක වන ආදර්ශවත් මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කිරීම ජමියතුල් උලමා සභාවේ අරමුණ වේ.
විශේෂ කථිකයෙකු ලෙස, දකුණු අප්‍රිකාවේ ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් ඊබ්‍රාහිම් ඉස්මයිල් බහම් මවුලානා මහතා ද මීට එක්ව සිටියේය.
අකිල ඉලංගෙයි අයිමෙයතුල් උලමා තුමාගේ සංවත්සරය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් මුද්දරයක් නිකුත් කිරීම සහ විශේෂ පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.