COLOMBO (News 1st) – මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝදන සහිතව අද(19)පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 97 කි.
විපක්ෂව ලැබුණේ ඡන්ද 36 කි.
ඒ අනුව මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.