COLOMBO (News 1st) - හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 20 වැනිදා සිට 31 වෙනිදා දක්වා දින 10 ක කාලයකට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) අවසර දුන්නේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකකට යටත්ව විදේශගත වීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවයි.
මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනෙකුට පසුගිය මැයි දොළොස් වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබී ය.
ඒ , පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගාලුමෝදර අරගල භූමියේ රැස්ව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂීය ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනි.