ඉන්දියාවෙන් බිත්තර ආනයනයට පියවර

ඉන්දියාවෙන් බිත්තර ආනයනයට පියවර: බෙදා හෑරීම පෞද්ගලික අංශයට - වෙළෙඳ ඇමති

by Staff writer 10-01-2023 | 6:41 AM

COLOMBO (News 1st) - බිත්තර ආනයනය කිරීම සඳහා නැවත වරක් කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමි විය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, තමා ඉදිරිපත් කළ කැබිනට් පත්ත්‍රිකාවට අනුමැතිය ලැබුණු බවයි.

ඒ අනුව මෙම සතිය අවසන් වීමට පෙර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, බිත්තර බෙදා හෑරීම පෞද්ගලික අංශයට ලබාදෙන බවයි.

ලංකා සතොස මගින් ද බිත්තර අළෙවි කිරීම සිදු කිරීමට නියමිතය.