COLOMBO ( News 1st ) – මේ උත්සව සමයයි...
විනෝද චාරිකා, නෑදෑ හිතමිතුරු හමු, සාද මේ කාලයේ බොහෝමයි.
ඒ සියලු දේ විඳින්නට පෙර හිතන්නට යමක්...
මේ කාලයේ පොදු ස්ථානවලට අධික ලෙස ජනතාව රැස්වේ.
එවැනි අවස්ථාවක ඔබගේත් ඔබේ හිතමිතුරන්ගේත් ආරක්ෂාව පිළිබඳව සිතිය යුතුම ය.
උත්සව සමයේ ගමන් බිමන් යන ඔබ මේ ගැන දැනුවත් ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, විනෝද සංචාර, නිවාඩු නිකේතනවල රැඳී සිටීම, භාණ්ඩ මිලදී ගැනීම වැනි අවස්ථාවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව, පොලිසිය විටින් විට හදිසි පරීක්ෂාවන් සිදු කරනු ලබයි.
* රිය ධාවනයේදී ඔබ මේ ගැන දැනුවත් ද?
පොලීසිය මෙම උත්සව සමයේ බීමතින් රිය පදවන පූද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ අනුව රථවාහන නිලධාරීන්ට දිවයින පුරා විශේෂයෙන්ම මේ සති අන්තයේ සහ ඉදිරි කාලවකවානුවේ බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදී තිබේ.
ඒ වගේම බීමත්ව අශෝභන ලෙස මහජනතාව ගැවසෙන ස්ථාන හැසිරෙන පුද්ගලයන්ව ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.
බීමත්ව රිය නොපදවන ලෙසත් එය ඔබට හා අන් අයටත් හානිදායක වන බැවින් එසේ නොකරන්නැයි පොලීසිය ජනතාවගේ ඉල්ලා සිටී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, වාහන පැදවීමේදී ආසනපටි පැළඳීම අනිවාර්ය බවයි.
බිමත් රියැදුරෙක් ගමන් කරනවා නම් එවැනි දේට ඉඩ නොතබා ඒ ගැන 119 අංකයට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලා සිටි.
තව ද මේ දිනවල වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ගවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.
මේ අතර මාර්ග බාධක යොදා ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයින් පරීක්ෂා කිරීම ද සිදු කරනු ඇත.
* ගංගා ඇළ දොළ හි දිය නැමට යාමෙදී ඔබ දැනුවත් ද?
ජනතාව මෙම සති අන්තයේ විනෝද චාරිකාවල නිරතවනු දැකගත හැකිය.
බොහො පුද්ගලයින් විනෝද චාරිකා ගොස් ගංගා, ඇළ දොළ හා වෙරළාශ්‍රිතව දිය නෑමට පෙලෙඹෙනු ඇත.
වැසි බර කාලගුණයත් සමග ගංගා, දියඇළි ආශ්‍රිතව දිය වෑමට යාමෙදී කාලගුණ නිවේදනටවලට ඇහුම්කන් දී ඒ අනුව ජලය වැඩි ස්ථානවල තහනම් කළ ස්ථානවල හා අනතුරුදායක ස්ථානවල දිය නෑමට යාමෙදී අවධානයෙන් කටයුතු කරන්නැයි පොලීසිය ඉල්ලා සිටි.
තව ද වෙරළාශ්‍රිත දිය නෑමට නොයන ලෙසත් අනතුරු අඟවා ඇති ස්ථානවල නොයන ලෙසත් පොලීසිට ජනතාවගෙන් ඉල්ලා සිටි.
මීට අමතරව අද (25) දිනයේ දේවස්ථාන සඳහා ආරක්ෂාව යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසයි.
තවද ජනතාවගේ රථවාහන ගමනාගමන කටයුතු පහසුකරලීමට හා රථවාහන නැවැත්විමටත් පහසුවෙන් ගමන් කිරීමයත් පහසුව සැලසීමට පොලීසිය කටයුතු යොදා ඇත.