![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
කුරුණෑගල කොබෙයිගනේ, හෙංගමුව ගම්මානයේ ජනතාව පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටියේ වසර ගණනාවක සිටයි.
ප්‍රදේශයේ ළිං ආශ්‍රිතව ඇති ජලයේ ලවනතාවය ඉහළ අගයක පැවතීම හේතුවෙන් එහි ජනතාවට පානීය ජලය සපයා ගැනීමේ මහත් ගැටලුවක් පැවතුණු අතර මේ පිළිබඳව ඔවුන් බලධාරීන්ට කෙතෙක් දැනුම්දුන්නත් ඊට පිළියමක් ලැබී නොතිබුණි.
ඒ නිසාම ගම්මානයෙන් වාර්තාවන වකුගඩු රෝගීන් ගණන දිනෙන් දිනම ඉහළ යමින් තිබුණි.
මේ පිළිබඳව ගම්මැද්ද දැනුවත් වීමෙන් පසුව මෙම ජනතාවට ප්‍රති ආස්‍රිත ජල පෙරණ පද්ධතියක් ලබාදීමේ පියවර ආරම්භ විය.
ඒ අනුව හෙංගමුව මහා විද්‍යාලයේ අදාළ ජල පෙරෙන පද්ධතිය ස්ථාපනය කිරීමේ වැඩ කටයුතුවලට අද(23) මුල්ගල් තැබුණි.
ඊට මුල්‍ය දායකත්වය ලබාදීමට ආචාර්ය එම්.යූ.ඒ. තෙන්කෝන් මහතාත් , දෙවින්කා පුස්වැල්ල මහත්මියත් ඔවුන්ගේ නෑදෑ හිතවතුන් පිරිසකුත් ඉදිරිපත් වූහ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ව්‍යාපෘතිය කඩිනමින් නිමවා නුදුරෙදීම එය මෙම ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ.