ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ඕමානයට ගොස් සිදුකළ විමර්ශනවලදීයි.
පොලීසිය පැවසුවේ, මිනිස් ජාවාරම යටතේ ගැනෙන සිද්ධීන් 15 ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි.
ගෘහ සේවිකාවක් ඕමාන ජාතිකයෙකු විසින් අපයෝජනය කර ඇති අතර, අදාළ පුද්ගලයාට ඇය හඳුන්වාදී ඇත්තේ, ශ්‍රී ලාංකික නියෝජිතයින් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
මීට අමතරව, තවත් ගෘහ සේවිකාවන් දෙදෙනෙකු අපයෝජනය කිරීමට තැත් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකික උප ඒජන්තවරුන් ද සම්බන්ධ බවට අනාවරණ වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගෘහ සේවයට යොමු කරන බව පවසමින් එක් කාන්තාවක් ගවයින් සහ එළුවන් පාලනයට ද යොමු කිරීමේ සිද්ධියක් වාර්තා වන බවයි.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක අතර, අදාළ වධ හිංසාවන්ට ලක්වූ ගෘහ සේවිකාවන් පිරිස තවදුරටත් ඕමාන ආරක්ෂක කඳවුරේ රඳවා සිටින බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක, ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, අදාළ ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් අවසන් වු වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා බවයි.