එහි අධ්යක්ෂ චන්දන ලොකුලියන මහතා සඳහන් කළේ, හෙක්ටයාරයකට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක් ලබාදෙන බවයි.
මේ අතර තව ත් යුරියා පොහොර නෞකාවක් ඊයේ (05) රාත්‍රියේ මෙරටට ළඟා විය.
එම නෞකාවේ ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 25,000 කි.
පෙරේදා දිනයේදී ද යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 25,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ අතර ඒ සමග යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 35,000 මෙරටට රැගෙන විත් ඇතැයි පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.