.webp)
කටාර්හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල රැස් කිරීම ආරම්භ කළේ නෙදර්ලන්තයයි.
තරගයේ 10වන විනාඩියේදී මෙම්ෆිස් ඩිපේ නෙදර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය.
පළමු අර්ධය අවසානයේ ලැබූ අතිරේක කාලයේ පළමු මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වන නෙදර්ලන්තය දෙවන ගෝලය වාර්තා කළ අතර එම ගෝලයට හිමිකම් කීවේ ඩේලි බ්ලින්ඩ්.
ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 2 ට 0 ක් ලෙසයි.
දෙවන අර්ධයේ 76 වන විනාඩියේදී අමෙරිකා කණ්ඩායම ගෝලයක් රැස් කළ අතර අමෙරිකාව වෙනුවෙන් එම ගෝලය වාර්තා කළේ හාජි රයිටි.
දෙවන අර්ධයේ 81 විනාඩියේදී ක්‍රියාත්මක වු නෙදර්ලන්තය තවත් ගෝලයක් වාර්තා කළ අතර එම ගෝලයත් සමඟින් තරගයේ අවසන් ප්‍රතිඵලය දැක්වුනේ ගෝල 3 - 1ක් ලෙසයි.
මෙම ජයත් සමගින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසි පළමු රට බවට නෙදර්ලන්තය පත් විය.