![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) - දකුණ සහ ඇල්ල සංචාරක කලාපවල, දෙසැම්බර් 1 වැනිදා සිට රාත්‍රියේ දී සිදු කරන විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එ් මහතා පවසන්නේ, දෙසැම්බර් මස 15 වැනිදා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි ඒකකය ජාතික පද්ධතියට එක්කරන බවත්, ඉන් අනතුරුව දිවයිනේ සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.
ඉන්පසු දිවා කාලයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කරන බවත්, නත්තල් සමයේ සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් අදාළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.
දැනට ක්‍රියාත්මක දිවා කාලයේ පැයක විදුලි කප්පාදුව සහ රාත්‍රී කාලයේ සිදුකරන පැය 1යි විනාඩි 20 විදුලි කප්පාදුව දෙසැම්බර් 15 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බව ද එහි සඳහන් ය.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ,විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇත්තේ,නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවයි.