පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ.. - පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව

by Staff writer 19-11-2022 | 8:59 AM

COLOMBO (News 1st) - කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගියදා ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳිවියන් 7දෙනෙකු මේ වනතෙක් භාරවී නැතැයි, පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

පසුගිය 6 වැනිදා රාත්‍රියේ කන්දකාඩු කඳවුරේ රැඳිවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී මෙලෙස රැඳවියන් පිරිසක් පලාගොස් තිබුණි.