2023 - අයවැය යෝජනා සැකෙවින්...

by Staff writer 14-11-2022 | 3:34 PM

COLOMBO (News 1st): මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(14 ) සවස 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ? ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීම. ? මධ්‍යසාරවල නිෂ්පාදනවලට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100ක්. ? විද්‍යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම සඳහා යෝජනා. ? ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීම හා විශේෂඥ කමිටුවක් පත්කිරීම. ? විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරිමට ජාතික තරණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක්. ? බන්ධනාගාරගත රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්. ? සෞඛ්‍යමය ගැටලු අඩු කර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 500ක්. ?සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමානාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම. ? ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක්. ? දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්. ? රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල). ? බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීම. ? පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් හඳුන්වා දීමට හා පසුවිපරම් කිරීම. ? විදේශ මුලාශ්‍ර සහ රජයේ දායකත්වයෙන් ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම. ? පළාත් සහ ජාතික පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්. ? පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 ට හෝ ඊට වඩා අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීම. ? කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම. ? ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම. ? මත්ත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක්. ? ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්. ?දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම්. ? විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහ ප්‍රතීතන මණ්ඩලයක්. ? ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්එජ් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා පියවර. ? විශේෂ කාණ්ඩ හැරැණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ. ? බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත , ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාළ බදු හා දඩ ගෙවීමට යටත්ව නිදහස් කිරීම. ? 'බුකීකරු' යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ද ඇතුළත්ව සියලු ආකාරවල ක්‍රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීම. ? 2023/24 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දීප ව්‍යාප්ත කුසලතා පදනමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ප්‍රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම. ? දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්. ? සූදු /කැසිනෝ යන්නෙහි අර්ථ නිරූපණයට මාර්ගගත සූදු කැසිනෝ ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීම ? බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම. ? පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම. ? බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීම. ? පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීම. ? 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබා දීම. ? ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට යෝජනා. මිලියන 200ක්. ? පේරාදෙණිය, රුහුණ, යාපනය විශ්වවිද්‍යාලවලත් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආරම්භ කිරීම ? ජලය මත ලිස්සායාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා යෝජනා. ? භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ? කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කරන්දෙණිය ප්‍රදේශයට නව දෙපාර්තමේන්තුවක් ? සියලු ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ කටයුතු කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම. ? විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික බස්නාහිර, වයඹ, පළාත් සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාප ඇති කිරීම. එක් ආර්ථික කලාපයක් අක්කර 1000ක් ? සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්‍රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට. ? අය- වැය 2023 ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ? 2023 වසර අග වන විට රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා - ජනපති ? 2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනපති කියයි. ? ආර්ථික ප්‍රතිසංස්කරණය, IMF සමග එකඟතාවයකට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නෙ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ප්‍රතිසංස්කරණ සීමා වන්නේ ආර්ථික ස්ථායීකරණය සඳහා පමණයි- ජනපති