.webp)
COLOMBO (News 1st) – පළමු වසරේ සිට දරුවන් තුළ ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ලබන වසරේ සිට ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසැල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරු භවතුන් 13,500කට ආසන්න පිරිසක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි.
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.
ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙළ පොත්වල පවතින ව්‍යාකරණ දෝෂ පිළිබඳ එහිදි අවදානය යොමුව ඇති අතර අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් ලබාදී ඇත්තේ, එසේ ව්‍යාකරණ දෝෂ පවතින්නේද යන්න සොයා බලන ලෙසයි.
විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලාවන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම පිළිබඳවද එහිදි සාකච්ඡා වී තිබේ.