COLOMBO (News 1st) - දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්රිකක්වලටත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ය.
රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත, අයගම, කිරිඇල්ල, පැල්මඬුල්ල, නිවිතිගල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිට, පාලින්දනුවර සහ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත අතුරුමාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහනවලට අධිවේගි මාර්ගයට ඇතුළුවීමට සහ පිටවීමට බාධා මතුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.