ජනපති එංගලන්තයට යාම ගැන පැහැදිලි කිරීමක්..

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්..

by Staff writer 20-09-2022 | 10:41 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේ ලැබුණු  නිල ආරාධනයකට අනුව බව  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම නිල ගමන  සඳහා ජනාධිපතිතුමන් සමග නිලධාරීන් දෙදෙනෙකු සහ ජනාපතිවරයාගේ නිල වෛද්‍යවරයා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති භාර්යා මහාචාර්ය මෛත්‍රී  වික්‍රමසිංහ මහත්මිය  ඇයගේ පෞද්ගලික වියදමින් මේ සඳහා එක්වූ බවත් රුවන් විජේවර්ධන මහතා ඊයේ (19) පැවති ශ්‍රී ලාංකික හමුවට එක් වූයේ ඔහුගේ පෞද්ගලික සංචාරයක් අතර තුර බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.