යුපුන් අබේකෝන් මීටර් 100 අවසන් වටයට

යුපුන් අබේකෝන් 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 අවසන් වටයට

by Staff writer 05-09-2022 | 9:05 PM

COLOMBO (News 1st) - 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ  සූරික් අදියරේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ ස්විට්සර්ලන්ත අදියර සූරික්හිදී මේ මස 7 සහ 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

යුපුන් අබේකෝන් සහභාගී වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය ලබන 8 වැනිදා පැවැත්වේ.

මෙම තරග කාල සීමාවේ තම හොඳම දක්ෂතාව තත්පර 9.96 ලෙස වාර්තා කර ඇති යුපුන් නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනාගැනීමට සමත්විය.

මීටර 100 ධාවන ඉසව්වේ ලොව ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී වීමට නියමිතය.