දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ, වැට් බද්ද 12% සිට 15% දක්වා ඉහළ යාමත් සමග දුම්වැටි මිල ඉහළ දැමූ බවයි.
ඒ අනුව දුම්වැටියක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3 කින් , 5 කින් , 10 කින් සහ 15 කිනි.