බඩ ඉරිඟු ගොවීන් Online ලියාපදිංචිය ඇරඹේ

මහ කන්නයට බඩ ඉරිඟු ගොවීන් Online ක්‍රමයට ලියාපදිංචිය ඇරඹේ

by Staff writer 20-08-2022 | 8:56 PM

COLOMBO (News 1st) - රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022/23 මහ කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් (online) ක්‍රමයට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා පවසයි.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, ලියාපදිංචිය මාර්ගගත (online) ක්‍රමයට පමණක් සිදු කරන බැවින් ලියාපදිංචිය සඳහා www.agrarian.lk වෙබ් අඩවියට පිවිස සිය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය යුතු බවය.

බඩ ඉරිඟු ගොවීන්ට රසානික පොහොර අවශ්‍ය නම් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

2022-08-15 සිට 2022-08-31 අතර කාලය ගොවීන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව වෙන්කර තිබේ.

මාර්ගගත (online) ක්‍රමයට ලියාපදිංචිවීමෙදී යම් ගැටලුවක් පැන නැගුනහොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හෝ තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරියෙකුගේ සහය ලබාගත හැකි බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.