ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 03-08-2022 | 10:18 AM

COLOMBO (News 1st) - මධ්‍ය කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ, පස්කඳු කඩා වැටීම් හේතුවෙන් ඇතැම් මාර්ගවල වාහන ධාවනයට ද බාධා මතුව ඇති බවයි.