අගමැති‌ගේ නිවස ගිනි තැබීමට සැක 03ක් කොටු

අගමැති‌ගේ නිවස ගිනි තැබීමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 10-07-2022 | 12:04 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ ක්‍රේම්බිජ් පෙදෙසේ පිහිටි පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සැකකරුවන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය භාරයේ පසුවන බවයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.