by Staff writer 14-06-2022 | 1:07 PM
COLOMBO (News 1st) - අද දහවල් වත්තල ඇලකන්ද මාර්ගයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරිණ.
ගෙවුණු සති දෙකක කාලය තුළ මෙලෙස මහ මගදී යතුරුපැදිවලින් පැමිණ කළ 6 වෙනි ඝාතනය මෙය ලෙස සැලකේ.
වෙඩි තැබීම කළ පුද්ගලයින් පැමිණෙන ආකාර්ය අසල තිබූ ආරක්ෂක කැමරා පද්දතියක පටිගතව තිිබිණ.
අද දහවල් 12 ට පමණ වෙඩ ප්‍රහාරය එල්ල කළේ කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් පැමිණෙමින් සිටි තරුණයෙකුටයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ පදිංචි, නිපුන් චන්දික පෙරේරා නම් 23 හැවිරිදි තරුණයෙකි.
පොලිසිය සැකකරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිවු පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබිමට හේතු වි ඇති බවයි.
වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ පතරොම් තොපු කිහිපයක් ද සොයා ගෙන තිබේ.
ඉන්ධන ලබා ගැනීමට නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකකට සහ මෝටර් රථයකටත් වෙඩි වැදුණු බව අප වාර්තාකරු පැවසී ය.
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය රාගම රෝහල වෙත රුගෙන ගොස් තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.