by Staff Writer . 24-04-2022 | 1:49 PM
COLOMBO (News 1st) - ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සමග සම්බන්ධවෙමින්, වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්රයත්නයන්ට ඉදිරියේදී සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයලත් වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බවයි.
ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී, මෂහිරෝ නොසාකි මහතා කියා සිටියේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් සඳහා බලධාරීන්ගේ ඉල්ලීම පිළිබඳ අප්‍රේල් 18-22 කාලය තුළ ශ්‍රී ලංකා දූත පිරිස සහ IMF කණ්ඩායම අතර ඵලදායි තාක්ෂණික සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා මූල්‍ය ප්රවණතා, පිළිබඳව මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයෙන් දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇති අහිතකර බලපෑම අවම කිරීම සඳහා ගත හැකි ආරක්ෂිත පියවර පිළිබඳව මෙන්ම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුසංයෝගී උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ ය.
ණයහිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සැලැස්මට IMF කණ්ඩායම සිය ප්‍රසාදය පල කර තිබේ.
IMF සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර Washington, D.C හීදී මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ප්රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හමුවිය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කර්යාලය සඳහන් කළේ, ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.