විවාහ උත්සව ශාලා ගාස්තු 40 % කින් ඉහළට

විවාහ උත්සව ශාලා ගාස්තු 40 % කින් ඉහළට

by Staff writer 22-04-2022 | 10:00 PM

COLOMBO (News 1st) – විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා "අපේ සංගමය අද තීරණය කලා අදින් පසුව අලුතෙන් ලබා ගන්නා ඇණවුම් සඳහා අවම වශයෙන් මෙම කේෂ්ත්‍රයේ රැඳී සිටීමට 40%කට මිල වැඩි කීරිම් කළ යුතුයි කියලා. ඒ වගේම පසුගිය කාලයේ දැනට අප සතුව තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා"