ඖෂධ හිගයක්.වෛද්‍ය විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්

බරපතළ ඖෂධ හිඟයක්...වෛද්‍ය විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්

by Staff Writer . 11-04-2022 | 6:48 PM

COLOMBO (News 1st) – පොහොර අර්බුදය , ඉන්ධන ප්‍රශ්නය , විදේශ විනිමය අර්බුදය මේවා පිළිබඳ පුන පුනා කරුණු අනාවරණය කළා වගේම ඇතිවිය හැකි තත්ත්වය ගැනත් දිගින් දිගට අනතුරු ඇගවීම් සිදු කළේ ය.

එහෙත් රජය දිගින් දිගටම මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් සොයා ගැනීමට අසමත්වීමේ ප්‍රතිවිපාක දැන් මුළු රටම භුක්ති විඳිමින් සිටී. දැන් රටේ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති බරපතළම අර්බුදය ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයයි. මේ ප්‍රශ්නයේ ඇති බරපතළ තත්ත්වය නිසා අප මේ පිළිබඳව විශේෂඥයින් ඇතුළු සෑම පාර්ශ්වයකින්ම කරුණු විමසී ය. මේ අතර පසුගිය සතිය වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක් පැවැති අතර ඉන් එක් ජිවිතාරක්ෂක ඖෂධයක් ලබා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. අමාත්‍යාංශය පවසන්නේ අර්බුදය විසඳීමට දිගින් දිගටම උත්සාහ දරමින් සිටින බවයි.