by Staff Writer . 09-04-2022 | 10:58 PM
COLOMBO (News 1st) - මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ, සති 5කට අවශ්‍ය , ඛනිජ තෙල් ආනයනය කිරීමට ඉන්දියාවෙන් තවත්, ඩොලර් මිලියන 500 ණය පහසුකමක් ඉල්ලීමට සැලසුම් කර ඇති බවය.
ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ චීනය ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහය ඉල්ලීමට සූදානම් බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
මුදල් අමාත්‍යාවරයා වැඩිදුරටත් පවසන්නේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටත්, ගෙවිමට ඇති ණය සඳහා සහන කාලයක් ඉල්ලුම් කිරීමටත් ශ්‍රී ලංකාව සූදානම් බවය.
එළැඹෙන ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විශ්වාසය පළ කරයි.
ඉදිරි මාස 6 තුළ, බදු ප්‍රතිශතය සහ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් මුදල් අමාත්‍යවරයා අනුමාන කරයි.