පළමු තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස්ට

IPL සමාරම්භක තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස්ට

by Staff Writer . 27-03-2022 | 8:31 AM

COLOMBO (News 1st) - ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි අදියර ඊයේ (27) ආරම්භ විය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු සහභාගි වෙයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති සමාරම්භක තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6 කින් ජය ගත්තේ ය. මුම්බායි හි ,වංකඩේ ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131 කි. මහේනද්‍ර සිං දෝනි ලකුණු 50 ක් රැස් කළ අතර නායක රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26 යි. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසු කළේ ය. අජින්කයා රහනේ ලකුණු 44 යි.