by Staff Writer . 27-03-2022 | 8:06 PM
COLOMBO (News 1st) – තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600 රැගත් නෞකාවක් මෙරටට ළඟා වී තිබේ.
ලිට්රෝ සමාගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසුවේ, නෞකාවේ ඇති ගෑස් ගොඩබෑමේ කටයුතු අදාළ පරීක්ෂාවන්ගෙන් පසු කඩිනමින් සිදු කරන බවය.
අදත් දිවයින පුරා ගෑස් සිලින්ඩර් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් බෙදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි, ඔහු සඳහන් කළේ ය.
මේ අතර මධ්‍යම , ඌව සහ සබරගමුව පළාත්වල ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් 06 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
ලිට්රෝ සමාගමේ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ කළමනාකාරු සාරංග විජේසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් ගෑස් වැඩිමිලට අලෙවි කර ඇතැයි සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ගෙන් කරුණු විමසීමට නියමිත ය.
දිවයින පුරා ලිට්රෝ අලෙවි නියෝජිතයින් වැඩි මිලට ගෑස් අලෙවි කරන්නේ නම්, ඒ පිළිබඳව 0112 505 808 දුරකතන අංකයට හෝ 1311 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ලිට්රෝ සමාගම පවසයි.