අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති දිවයිනට

අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති දිවයිනට

by Staff Writer . 25-03-2022 | 1:38 PM

COLOMBO (News 1st) – අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා අද දිවයිනට පැමිණියේ ය.

කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ආසියානු ඔලිම්පික් සමුළුවේ අධ්‍යක්ෂකවරයා ද වේ. ඔහු අද උදෑසන මෙරටට පැමිණියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙළේ විශේෂ අමුත්තන් පැමිණෙන පර්යන්තයෙනි. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේස් සුබ්‍රමනියම් මහතාගේ සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ආරධනයෙන් ඔහු මෙරටට පැමිණියේ ය. මෙම සංචාරයේදී කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා කිලර් වේල් ජල ක්‍රීඩා සංගමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතයි. හෙට දිනයේදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව අතර මෙරටින් පිටව යනු ඇති.