බස්නාහිර පාසල් වාර විභාග කාණ්ඩ 3කින්..

බස්නාහිර පළාතේ පාසල් වාර විභාග කාණ්ඩ 3කින්.. - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff Writer . 20-03-2022 | 3:13 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ පාසල් වාර විභාග කාණ්ඩ 3කින් පැවැත්වීමට තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණි සඳහා පළාත් මට්ටමිනුත්, 9 සහ 10 ශ්‍රේණි කලාප මට්ටමින් සහ 6, 7 සහ 8 ශ්‍රේණී සඳහා පාසල් මට්ටමිනුත් වාර විභාග පැවැත්වීමට නියමිත බවය. සෙසු පළාත්වල වාර විභාග පැවැත්වීමට ඒ, ඒ පළාත් මට්ටමින් කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව, මේ වනවිට දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. අධ්‍යාපනයට අවශ්‍ය කඩදාසි සපයා ගැනීමේ යම් ගැටලුවක් වෙතොත් ඉන්දීය ණය පහසුකම යටතේ එම කටයුතු සම්පුර්ණ කිරීමට ජනාධිපති ලේකම්වරයා මේ වනවිටත් එකඟ වී තිබේ. කඩදාසි සහ අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් බස්නාහිර පළාතේ වාර විභාග පැවැත්වීමට බාධා මතුව ඇතැයි, පළාත් අධ්‍යාපන බලධාරීන් මීට පෙර සඳහන් කළේ ය.