ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක්

by Staff Writer . 06-03-2022 | 4:59 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 222කින් අද(06) ජය ගත්තේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු 574ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 174කට දැවී ගියේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 178ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51ක් රැස් කරගෙන සිටියේ ය.