by Staff writer 07-02-2022 | 11:36 AM
COLOMBO (News 1st) – පනාමුර, මුල්ඇඩියාවල ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , 41 හැවිරිදි මුල්ඇඩියාවල , ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ 27 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් ඊට හේතුවයි.
සැකකරුගේ නිවසේ සිටි සුනඛයෙකු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවෙකු සාපා කා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, එහිදි ඇතිවූ ආරවුලක් මත මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිදට තියුණු ආයුධයකින් පහරදී ඇති බවය.
පසුව සැකකරු විසින් පොරොවකින් හා කැත්තකින් පහරදි බිරිඳට පහරදුන් සිය සහෝදරයා ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.