කුරුණෑගල, පබළුගල ප්‍රදේශයේ විශේෂ කැනීමක් ..

මෙරට ප්‍රථම වීදුරු පබළු නිෂ්පාදන ස්ථානයක් පැවති බවට ලද තොරතුරු සොයා පබළුගල විශේෂ කැනීමක් ..

by Staff writer 07-02-2022 | 6:44 AM

COLOMBO (News 1st) –  ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව අද(07) සිට කුරුණෑගල, ගිරිබාව, පබළුගල ප්‍රශෙයේ විශේෂ කැනීමක් සිදුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, එම ප්‍රදේශයේ මෙරට ප්‍රථම වීදුරු පබළු නිෂ්පාදන ස්ථානයක් පැවැති බවට ලද තොරතුරු සොයා මෙම කැනීම කටයුතු සිදු කෙරෙන බවයි. අනුරාධපුර යුගයේ වීදුරු පබළු නිෂ්පාදන කර්මාන්තය ජනප්‍රිය හා ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක රුසක් ද හමුවන බව මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ ය.