by Staff Writer . 06-01-2022 | 8:19 AM
COLOMBO (NEWS1ST) : රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කරන බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, මේ යටතේ ත්‍රිවිද හමුදාවේ හා වෙනත් නෛතික සීමාවන් පනවා ඇති වෘත්තීන්වල නිරත රාජ්‍ය සේවකයින්ගේ හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාමික වයස 65 දක්වා දීර්ඝ කරන බවයි.
2022 අයවැය යෝජනාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරෙනු ඇති.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මීට පෙර පැවසුවේ, රාජ්‍ය සේවක විශ්‍රාමික වයස 65 දක්වා දීර්ඝ කිරීමට තම සංගමය විරුද්ධ බවයි.
විශ්‍රාමික වයස් සීමාව 62 ක් විය යුත් බව රාජ්‍ය සේවා හා පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පැවසී ය