ශෛලමය හිටි බුදු පිළිමයක් යළි ස්ථාපනය කෙරේ..

මඟුල් මහා විහාරයේ ශෛලමය හිටි බුදු පිළිමය යළි ස්ථාපනය කෙරේ..

by Staff writer 27-12-2021 | 9:21 AM

COLOMBO (News 1st) –  අම්පාර, ලාහුගල මඟුල් මහා විහාරයේ ජරාජීර්ණ වී බිමට පතිත වී තිබූ ශෛලමය හිටි බුදු පිළිමයක් යළි ස්ථාපනය කර තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, විශේෂඥයින් කණ්ඩායමක් මාස කිහිපයක වෑයමකින් පසු මෙම පිළිමය යථා තත්ත්වයට පත් කළ බවයි. අනුරාධපුර යුගයේ මැද භාගයේ නිර්මාණය කළ බවට සැළකෙන මෙම හිටි බුදු පිළිමයේ බඳ කොටස පාදවලින් වෙන් වී තිබූ අතර සිරස කොටස ද අස්ථාන ගතවී තිබුණි. අඩි 10 ක් පමණ උසැති මෙම හිටි පිළිමයේ සිරස අනුරාධපුර යුගයේ අනෙකුත් හිටි පිළිම හා සංසන්ධනය කිරීමෙන් අනතුරුව අලුතින් නිර්මාණය කර බව ද මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එළැඹෙන පුන් පෙහෝ දිනයේ සිට මෙම හිටි බුදු පිළිමය වන්දනාමාන කිරීම සඳහා විවෘත කරන බවයි.