ශ්‍රී ලංකාව ජයග්‍රහණය අබියස...

ශ්‍රී ලංකාව ජයග්‍රහණය අබියස...

by Chathuranga Rajapaksha 25-11-2021 | 8:21 AM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

ලකුණු 348 ක ජයග්‍රාහී හඹා යන කොදෙව් කණ්ඩායම මේ වනවිට සිය දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 52 ක් රැස්කරගෙන සිටී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 386 ක් රැස් කිරීමට සමත් විය. ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කරගත හැකිවූයේ ලකුණු 230ක් පමණි. යළිත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව, කොදෙව් කණ්ඩායමට ලකුණු 348 ජයග්‍රහි ඉලක්කයක් හිමිවිය.