අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය සීශෙල්ස් කණ්ඩායමට

අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ ජය සීශෙල්ස් කණ්ඩායමට

by Staff Writer . 19-11-2021 | 11:03 PM

COLOMBO (NEWS1ST) :  අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව හා සීශෙල්ස් කණ්ඩායම අතර පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 75 වන මිනිත්තුව වන තුරු ගෝල 3-1 ලෙස පෙරමුණේ පසු වුව ද අවසන් මිනිත්තු කිහිපයේදී සීශෙල්ස් කණ්ඩායම ගෝල 3-3 ලෙස සම කිරීමට සමත් විය. තරගයේ ජය දඬුවම් පහරින් තීරණය වූ අතර එහිදී සීශෙල්ස් කණ්ඩායම ජය වාර්තා ⁣කළේ ය.