බ්‍රිතාන්‍ය බැබළවූ එමා රඩකානු

වසර 44 කට පසුවලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව එමා රඩකානු

by Staff Writer . 12-09-2021 | 2:19 PM

COLOMBO (News 1st) - 18 හැවිරිදි බ්‍රිතාන්‍ය යොවුන් ක්‍රීඩිකා එමා රඩකානු, 2021 අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල ශූරතාව දිනා ගත්තාය .

ඇය හමුවේ අවසන් තරගයේදී වට 2 ට 0 ක් ලෙස පරාජය වූයේ 19 හැවිරිදි කැනඩා ක්‍රීඩිකා ලෙයිලා ෆර්නැන්ඩස්. අවසන් ලකුණු සටහන 6 ට 4 ක් සහ 6 ට 3 ක් ලෙස දැක්විය . මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් එමා රඩකානු වාර්තා අතරට එක් වූයේ , වසර 44 කට පසුව ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක ශූරතාව දිනා ගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව ලෙසය. අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගය නිව්යෝක්හිදී පැවැත්විය .