රාජකීය – ශාන්ත තෝමස්  'නිල් මහා සටන'  කල් යයි

රාජකීය – ශාන්ත තෝමස් 142 වැනි 'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය කල් යයි

by Staff writer 14-08-2021 | 1:54 PM

COLOMBO (NEWS1ST) : රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 142 වැනි 'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය කල් දමා තිබේ.

ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ.