ඇමති නාමල් ඔලිම්පික් ගිය ක්‍රීඩකයින් හමුවෙයි

ක්‍රීඩා ඇමති නාමල් ඔලිම්පික් ගිය ක්‍රීඩකයින් හා නිලධාරීන් පිරිසක් හමුවෙයි..

by Staff writer 12-08-2021 | 4:02 PM

COLOMBO (News 1st) – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් සහ නිලධාරීන් හමු විය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු විය. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ, තුන්වැනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අතර හමුවක් ද සිදු වූ බවය. ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ටෙහානි එගොඩවෙල සහ ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ ලේකම් ප්‍රදීප් එදිරිසිංහ මහතා ද ක්‍රීඩා අමාත්‍යවරයා හමු විය. ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිගේ පුහුණුකරු රන්ජන් තරංග සහ පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහගේ පුහුණුකරු මනෝජ් අබේසිංහ ද ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ බව අදාළ ට්විටර් ගිණුමේ සඳහන් ය.