මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට

මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට

by Staff writer 07-08-2021 | 11:47 AM

COLOMBO (News 1 st) - කෙන්යාවේ පෙරෙස් ජෙප්චර්චි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය.

ඒ, පැය 2යි මිනිත්තු 27යි තත්පර 20ක කාලයක් සටහන් කරමිනි. මැරතන් කාන්තා ඉසව්වේ, ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගේට හිමි වූයේ රිදී පදක්කමයි. ලෝකඩ පදක්කම අමෙරිකාවේ මොලි සෙයිඩල් දිනා ගත්තාය.