නිලූක සහ අනිකා අද ඔලිම්පික් තරග බිමට

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් අද ඔලිම්පික් තරග බිමට..

by Staff writer 24-07-2021 | 1:26 PM

COLOMBO (News 1st) –බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග සඳහා අද (24) සවස සහභාගී වීමට නියමිතය.

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු තරගය සඳහා සහභාගී වන්නේ , චීන තායිපේ ක්‍රීඩක වැං-සූ වේට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30 ආරම්භ වීමට සැලසුම් කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් සහභාගී වන මූලික වටයේ තරගය ද අද පැවැත්වේ. ඇය තරග කරන්නේ, මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වටයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.55 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.