අනූෂ සමරනායකත් ඔස්ට්‍රේලියාවට..

අනූෂ සමරනායකටත් සනත් වැඩ භාරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්

by Staff writer 05-07-2021 | 11:31 AM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා, ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය. අනූෂ සමරනායක මහතා 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබේ.